• English
  • Lkr
  • (+94) 70 772 2122
  • Call accept only 9:00 AM - 3:00PM
  • Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya
  • Mon - Fri: 9:00 - 16:30
  • Login
  • English
  • Lkr
  • (+94) 70 772 2122
  • Call accept only 9:00 AM - 3:00PM
  • Factory:120/B Nagahakanda , Horana. Office: 113/5 F BorellA road , pannipitiya
  • Mon - Fri: 9:00 - 16:30
  • Login

හර්බ්ලයින් වෙතින් රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 15.11.2021

Posted by : Herbline / On : November 21, 2021

හර්බ්ලයින් වෙතින් රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 15.11.2021 හර්බ්ලයින් වෙතින් රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 15.11.2021 හර්බ්ලයින් වෙතින් රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් 15.11.2021

හර්බ්ලයින් වෙතින් රෝද පුටු සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්...

විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් සදහා අත්‍යාවශ්‍යවන රෝද පුටු සහ රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන මල්ටි පැරා මොනිටර්ස් ඇතුළු රුපියල් මිලියනයක් වටිනා උපකරණ තොගයක් හර්බ්ලයින් පුද්ගලික ආයතනයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා විසින් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (17) දින සිදුවිය.

හර්බ්ලයින් ආයතනය විසින් ලබාදුන් මෙම උපකරණ තොගය සංකේතාත්මකව රෝද පුටු 10ක් සහ මල්ටිපැරා මොනිටරයක් ලබාදුන් අතර ඉදිරියේදී තවත් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමිය සදහන් කර සිටියේ කෝවිඩ් සමයේ සිට රෝහල්වලට සහ විවිධ ප්‍රජා සත්කාර කරන අතරතුර හර්බ්ලයින් ආයතනය අද අපගේ අමාත්‍යංශයටද රෝද පුටු පරිත්‍යාග කල බවත් ඒ්වා ඉල්ලීම් කරන ලද ආබාධිත අයවලුන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් සදහන් කල අතර කෝවිඩ් සමයේ මහියංගණ රෝහල වෙත වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කර ඇති මෙම ආයතනය කටුවන රෝහල සදහා අවශ්‍ය පේෂන් මොනිටර්ස් ලබාදීමට අද දිනයේ කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් හර්බ්ලයින් ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාට සිය ස්තුතිය පුදකරන බවත් සදහන් කරන ලදි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමිය කියා සිටියේ දේශීය සමාගමක් මෙන්ම තරුණ දේශීය ව්‍යවසායකයෙක් විසින් මෙහෙයවන සමාගමක් ලෙසත් ඔවුන් පවසන පරිදි එම සමාගම හරහා යම්කිසි ආදායමක් උපයා ගන්නා ලක්ෂයකට වැඩි පවුල් සංඛ්‍යාවක් සිටිම ඉතාම ශක්තියක් බවත් සදහන් කළ අමාත්‍යතුමිය දේශීය කුඩා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට මෙන්ම සිදුකරන සමාජ සත්කාර කටයුතු දිගටම සිදුකර ගැනීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් මෙහිදී සදහන් කළාය.

මෙම අවස්ථාවට හර්බ්ලයින් ආයතනයේ ව්‍යාපාර ප්‍රධානී සංජීව ගනේගොඩ, අජිත් කුමාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

-මාධ්‍ය ඒකකය

Wheelchairs and medical equipment donated by Herbline..

A stock of equipment worth Rs. 1 million Wheelchairs for patients with special needs and Multi Para Monitors for patients’ care Donated by Mr. Priyadarshana Bentotaarachchi, Chairman, Herbline Pvt Ltd. The event was held at the Ministry of Health today (17) under the patronage of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control.

The stock of equipment provided by Herbline, symbolically includes 10 wheelchairs and a multipara monitor. More equipment will be donated in the future.

Speaking on the occasion, the State Minister said that Herbline has also donated wheelchairs to our Ministry today while caring for hospitals and various communities since the Covid period. She also stated that action will be taken to provide them on behalf of the disabled persons who have requested for them. This institution has taken steps to provide medical equipment to the Mahiyangana Hospital during the Covid period and today action was taken to provide the necessary patient monitors for the Katuwana Hospital. She also thanked the Chairman of Herbline and all others for their support.

Speaking further, the Minister said that as a local company as well as a company run by a young local entrepreneur, according to them, having more than 100,000 families earning some income through that company is a great strength to continue to develop local small entrepreneurs as well as to carry out their social service activities. She also mentioned that he wishes for strength.

Mr. Sanjeewa Ganegoda, Head of Business – Herbline, Mr. Ajith Kumarasinghe and others were also present at the occasion.

-Media unit

#sudarshinifernandopulle #ministryofhealth #covid19 #herbline #Ika

113/5 F BorellA road , Pannipitiya.

/ Address